ශ්රී ලංකාවේ සිදුවූ විශාලම බැංකු කොල්ලය මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව බවත් ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා ජනපති කොමිසමක් පත්කළේ පළමු මෙහෙයුම ලෙස බවත් අද දිනයේදී එහි දෙවැනි මෙහෙයුම ක්රියාත්මක කළ බවත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ඇල්පිටියේ පැවැති මැතිවරණ රැළියකදී ඔහු මේ බව අද පැවැසූ අතර නීතිපති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්, නීති විශාරදයින්, මහ බැංකු අධිපතිවරයා කැඳවා අහිමි වූ මුදල් නැවත අයකර ගැනීමටත්, හොරුන්ට දඩුවම් දීමට කොපමණ කාලයක් ගතවෙන්නේ දැයි තමන් විමසූ බවද ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.
එම වැඩපිළිවෙල සකස්කර තමන් ඇල්පිටියට පැමිණි බවත් මහ බැංකු බැඳුම්කර කොමිසම මෙන්ම බරපතල වංචා දූෂණ කොමිසම් වාර්තාත් කඩිනමින් ක්රියාත්මක කරන බවද ඔහු පැවැසීය.