භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳ විමර්ශන කොමිසමට යවා ඇතැයි වාර්තා වේ.
බැඳුම්කර ගනුදෙනුවලදී හා එයට අදාළ සිද්ධිවලදී අල්ලස් චෝදනාවන් ඉදිරිපත් කළ හැකි සිදුවීම් වී ඇති බවට කොමිසම සිය වාර්තාවේ සඳහන් කර තිබීම නිසා ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට ජනාධිපතිවරයා විසින් එම වාර්තාවේ පිටපතක් මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳ විමර්ශන කොමිසමට යවා ඇතැයි වාර්තා වේ.
අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ වන විටත් බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බවත්, එම අධ්‍යයනය කිරීම්වලින් අනතුරුව මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ තීරණයක් ගන්නා බවත් අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
කොමිසම් වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවශ්‍ය පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.