බැඳුම්කර වංචාකරුවන් සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු වටරවුමේ හෙට (06) දින සත්‍යග්‍රහයක් පවත්වන බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවසූහ.
ඒ සඳහා ජාතික පරිසර එකමුතුව, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංසදය, රතුපස්වල අයිතීන් සුරැකීමේ සංවිධානය, වමේ කේන්ද්‍රය, මහජන සභාව ඇතුළු සිවිල් සංවිධාන රැසක් සහභාගි වීමට නියමිත බවද උන්වන්සේ සඳහන් කළහ.
බැඳුම්කර වංචාකරුවන් සියලු දෙනාට දඬුවම් ලබාදෙන තෙක් උද්ඝෝෂණ, පාගමන්, සත්යග්රහ පවත්වන බවද එහිමියෝ ප්‍රකාශ කළහ.