මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ දූෂණ, වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 06 වැනිදා පැවැත්වීමට තීරණයකර තිබේ.
පක්ෂනායක රැස්වීමේ බහුතර තීරණය කථානායක කරු ජයසූරිය මහතා විසින් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව පෙබරවාරි 06 වැනිදා කැඳවන ලෙස නිල වශයෙන් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව පෙබරවාරි මස 06 වැනිදා පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර, එහිදී පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයක් ලෙස බරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා විවාදය පැවැත්වීමට නියමිතය.
පෙබරවාරි 06 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් නිල වශයෙන් කළ ඉල්ලීම් ලැබුණු බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා %අද^ පුවත්පතට ප්‍රකාශ කළේය.
පෙබරවාරි08 වැනිදා පාර්ලිමේන්තුවකැඳවීම පිළිබඳඅග්රාමාත්යවරයා විසින් පළකර ඇති අදහස් සහ එහිදී ඇති විය හැකි ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවපෙන්වා දී ඇතිකරුණු කෙරෙහි මෙහිදී මූලික අවධානයයොමුවඇත.
මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලියට බාධා නොවන ලෙස තීරණ ගැනීම සුදුසු වන බැවින්, හැකියාවක් තිබේ නම්, පෙබරවාරි08 වැනිදාට පෙර දිනයකපාර්ලිමේන්තුව කැඳවීම සඳහා සලකා බැලීමසුදුසු බව මෙහිදී කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබේ.
විවාදය 08 වැනිදා පැවැත්වුවොත් ඇතිවන තත්ත්වය පිළිබඳවද මෙහිදී මැතිවරණ කොමිසම විසින් කරුණු දක්වා තිබේ.ඒ අනුව මෙම විවාදය 08 වැනිදා පවත්වන්නේනම්, එය සජීවී විකාශයක් ලෙස පමණක් විකාශය කළ යුතුව පවතින අතර, ප්රවෘත්ති විකාශයන් තුළ සහ මුද්‍රිත මාධ්‍යයේ එය පළකළ නොහැකි බවද මැතිවරණ කොමිසම පෙන්වාදී ඇත. එබැවින් 08 වැනිදාට පෙර විවාද කරන්නේනම්,එය සියලු දෙනාට පහසුවන බවද මෙහිදී සාකච්ඡා වී ඇත.
පක්ෂ නායක රැස්වීමට එක්වූ බහුතර පිරිසද එය අනුමත කරමින් අදහස් දැක්වා ඇති අතර,අනතුරුව මෙම කරුණු පිළිබඳඅග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතාගේද මතය විමසාතිබේ. එහිදී අග්‍රාමාත්‍යවරයා දන්වා ඇත්තේ පෙබරවාරි 06 වැනිදා පාර්ලිමේන්තුව රැස්කිරීම යෝග්‍යවනු ඇති බවයි.
ඒ අනුව ස්ථාවර නියෝග 14 යටතේ, එදින පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් කථානායකවරයාගෙන් නිල වශයෙන් ඉල්ලීම් කර තිබේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවහෙවත්පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම ඊයේ (30දා) දහවල් 12.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජනය කරන ඒ ඒ පක්ෂ නියෝජිතයන් වන සභානායක අමාත්‍යලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යමහින්ද සමරසිංහ,පාර්ලිමේන්තුමන්ත්රී දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තුමන්ත්රී රවි කරුණානායක,පාර්ලිමේන්තු මන්ත්‍රීවිජිත හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. සුමන්තිරන් යන මහත්වරු සහභාගි වූහ.
එමෙන්ම මෙම අවස්ථාවට කථානායකවරයාගේවිශේෂ ආරාධනයපරිදි මැතිවරණ කොමිසන්සභාවේ සභාපති මහින්දදේශප්රියසහඑහිසෙසුසමාජිකයන් දෙදෙනා වනජනාධිපතිනීතිඥනලින් ජයන්ත අබේසේකර, මහාචාර්ය සැමුවෙල්රත්නජීවයන මහත්වරුද, අතිරේකමැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතාද එක්ව සිටියහ.