ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම අඩපණ කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
බැඳුම්කර වංචාවට සම්බන්ධ පිරිස් බේරාගැනීම සඳහා මෙම කණ්ඩායම මේ ආකාරයට කටයුතු කරමින් සිටින බවද අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා පැවසීය.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් ඔවුන්ගේ ආණ්ඩුවක් සකස් කරගැනීමට උත්සාහ කරමින් සිටින බවත්, ඔවුන්ගේ උත්සාහය වී තිබෙන්නේ, බැඳුම්කර වංචනිකයන් රැකගැනීමට බවද පවසා සිටියේය.