2015 පෙබරවාරී 27 වැනිදා පැවැත්වු බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 10 දක්වා වු ලංසු බාර ගැනීමේ වෙන්දේසිය අවහිර කොට ටික වේලාවකින් රජයට රුපියල් 850ක පමණ අලාභයක් සිදුවු බව ශ්‍රී ලංකා මහා බැංකුවේ සහකාර අධිපති සේපාල රත්නායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවැසීය.
එසේම ආදායම් හා වියදම් අතර තියුණු පරතරයක් ඇති ශ්‍රී ලංකාවේ මෙම සිදුවීමෙන් අනතුරුව උද්ධමනය වැඩි වී ඇතැයි ද බැදුම්කර වෙන්දේසිය ඝෘජු ස්ථානගත ක්‍රමවේදය අනුව පැවැත්වුවා නම් අලාභය වළක්වා ගත හැකිව තිබුණා යැයිද ඔහු සඳහන් කළේය.
රුපියල් බිලියන 10 දක්වා වු ලංසු බාර ගැනීමෙන් පසු ප්‍රාග්ධන වෙළඳ පොළේ සිදු වු විචලනයන් අඩංගු සටහන් ඉදිරිපත් කරමින් එසේ පැවසු මහා බැංකුවේ සහකාර අධිපති සේපාල රත්නායක මහතා “මෙම තීරණයෙන් ඉතා කළකිරීමට පත් වු මා සියළු දෙනා ඉදිරිපිටදී මා මගේ විරුද්ධත්වය පළ කරමින් ඔලුවට පිස්තෝලයක් තිබ්බත් මෙම කරුණ පිළිගන්න බැහැ යැයි කියු මා මේ තීරණය අනුමත කර ඇඳුම් ගලවලා අපි මෙම කාමරයෙන් අපි පිටවෙලා යමු කියා කීවුවා” යැයිද වැඩිදුරටත් පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳුව සොයා බැලීම ස`දහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කොට ඇත.
මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ