ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් දිගින් දිගටම පහර දෙන්නේ බැඳුම්කර කොමිසම පත්කිරීම හා එහි වාර්තාව ප්‍රසිද්ධ කිරීම නිසා බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා සඳහන් කළේය.
කොමිසම පත්නොකර බැඳුම්කර වංචාව වසාගෙන සිටියා නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ ආකාරයට චෝදනා එල්ල නොවන බවද අද (17දා) පැවැති මධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පැවසීය.
එහෙත් ජනතාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පත්කරනු ලැබුවේ වංචාවට, දූෂණයට තිත තැබීමට බවත්, එහෙත් යහපාලනය උදාකරන විටදීම බැඳුම්කර වංචාවක් සිදුකළ බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.