බැඳුම්කර කොමිසසම CID නිලධාරීන් දෙදෙනෙකුගෙන් සාක්ෂි විමසයි
භාණ්ඩගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ තවත් රහස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් අද(16දා)දින සාක්ෂි ලබා ගැනීමට කොමිසම තීරණය කර ඇති බව එහි ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳවිමර්ශන කළ රහස් පොලිස් නිලධාරීන්ගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම පසුගිය 02 වැනිදා විශේෂ සැසිවාරයක් පැවත්වූබවත්, එහිදී සාක්ෂිලබාගත් නිලධාරීන්ට අමතරව තවත් නිලධාරීන්ගෙන් සාක්ෂි ගැනීම සඳහා කොමිසම පැවැත්වෙන බවත් උඩුගමසූරිය මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත්,2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහාමෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පසුගිය පෙබරවාරි මාසයේදී පත්කරන ලද අතර, ඉන් අනතුරුව අවස්ථා දෙකකදී මාස තුන බැගින් කොමිසමේ කාලය දීර්ඝ කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


