මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති බව පැවැසෙන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසමේ කාලය මාස තුනකින් දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
බැඳුම්කර නිකුත් කිරීමේදි සිදුව ඇතැයි පැවැසෙන අක්‍රමිකතා සෙවීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම කොමිසම ජනවාරි 27 දා පත්කළ අතර එහි මාස තුනක කාලය අප්‍රේල් 27 දා අවසන්වීමට නියමිතය තිබුණි.
නමුත් කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන ලෙස කොමිසම ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව එහි කාලය ජුලි 27 දා තෙක් දිගු කර තිබේ.