මහ බැංකු බැඳුම්කර ගනුදෙණු සම්බන්ධයෙන් සිදුව ඇති අක්රමිකතා සෙවීම සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පත්කළ කොමිෂම තවත් මාස තුනක කාලයක් සිය පරික්ෂණ සඳහා කාලය ඉල්ලා තිබේ.
මහ බැංකු බැඳුම්කර නිකතුවලදී සිදුවූ බව කියන අක්රමිකතා සෙවීම සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම කොමිෂම පසුගිය ජනවාරි 27 දා පත්කරනු ලැබීය. ඒ මාස තුනක කාලයක් සඳහායි. කොමිෂමේ කාලසීමාව මේ මාසයෙන් අවසන්වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් බැඳුම්කර නිකතුව සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්රන් ඇතුළු තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේම ප්රකාශ ලබාගැනීමට පවතින හෙයින් මෙම කාලසීමාව නැවත ඉල්ලා තිබේ.
අවුරුදු නිවාඩුවෙන් පසුව කොමිෂමේ වැඩ කටයුතු නැවතත් හෙට (24දා) ආරම්භ වීමට නියමිතය.
ද සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි