බැදුම්කර වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට ලබාදෙන බවත් කිසිදු ලෙසකින් සැඟවීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, මහබැංකු බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් සභාවේ පැන නැගුණු විවාදයකට පිළිතුරු ලබාදෙමිනි.
බැදුම්කර වාර්තාවේ සියලු වාර්තාවල කිසිදු දෙයක් සැඟවීමක් සිදුනොවන බවත් ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන බවත් සියලු වාර්තා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, මෙම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම කිසිදු දේශපාලඥයකු වෙත ලබා දී නැතැයි ද පැවසීය.