බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව හෙට (17දා) දිනයේදී පාර්ලිමේන්තුවට ලබාදීමට තීරණය කර ඇත්තේ අනිද්දා (18දා) දිනයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ ප්රචාරක රැලි මාලාවට වාසි වන අන්දමින් යොදාගැනීමට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු බැඳුම්කර වංචාවට සම්බන්ධ නැති බවට ප්රචාරයක් ගෙනයෑමට එම වාර්තාව උපයෝගී කරගැනීමේ සූදානමක් තිබෙන බවද මන්ත්රීවරයා ප්රකාශ කළේය.
බැඳුම්කරය යනු කුම්ක්දැයි අවබෝධයක් නොතිබූ ජනතාව පවා මේ වනවිට හරි වැරැද්ද තේරුම්ගෙන තිබෙන බවත්,බැඳුම්කර වාර්තාව සිය වාසියට යොදාගනිමින් එක්සත් ජාතික පක්ෂය අසාර්ථක උත්සාහයක යෙදෙන බවත් හෙතෙම පවසා සිටියේය.