බැටරි කර්මාන්ත ශාලාවකට එරෙහිව ඇමති සජිත්ගෙන් පැමිණිල්ලක්
බටාත, හුංගම ප්‍රදේශයේ පවත්වාගෙන යන පුද්ගලික බැටරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් සිදුවන පාරිසරික හා අනෙකුත් හානිදායක තත්ත්වයන් පිළිබඳව කිසිවෙකුට ප්‍රකාශ නොකරන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටිනා දේශපාලන අධිකාරිය විසින් කර්මාන්ත ශාලාවේ සේවකයන්ට තර්ජනය කර තිබුණු බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම කර්මාන්ත ශාලාවෙන් දැඩි පාරිසරික හානියක් සිදුවෙන බවත්, සේවකයන්ගේ ශරීරවලට ඊයම් ඇතුල් වී තිබෙන බවත් ඇමතිවරයා කීය.
මේ පිළිබඳව නාරාහේන්පිට කම්කරු කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කිරීමට නිලධාරීන් හමුවීම සඳහා අද (09දා) පෙරවරුවේ ගිය අවස්ථාවේදී ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.
හම්බන්තොට දේශපාලන අධිකාරියේ තර්ජනය කිරීම් හේතුවෙන් පසුගිය කාලයේදී මෙම කර්මාන්ත ශාලා පිළිබඳ සත්‍ය කරුණු සඟවා තිබුණද මින් ඉදිරියට සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් පෙනී සිටින බව හෙතෙම පවසා සිටියේය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

