තායිලන්තයේ බැංකොක් නුවර බෝම්බ ප්‍රහාරය සිදුවූ හින්දු ආගමික සිද්ධස්ථානය වෙත ගමන් මල්ලක් සමග පැමිණි පුද්ගලයෙකු පසුව එම ගමන් මල්ල නොමැතිව එම ස්ථානයෙන් බැහැරව යන CCTV දසුන් මාධ්‍යයට නිකුත් වී තිබේ.
තායිලන්ත අගමැති ප්‍රයුත් චෑන් ඕචා මෙම තොරතුරු අනාවරණය කර ඇති අතර, ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම බෝම්බ පිපිරීම රටේ මෙතෙක් ඇතිවූ නරකම සිදුවීම බවයි.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් ආසියාතික විදේශිකයන් 9 දෙනකු ඇතුළු පුද්ගලයන් 22 ක් පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීය.
මෙම පිපිරීම සිදු වූ එරවන් හින්දු සිද්ධස්ථානය වෙත බෞද්ධයන් ද දිනපතා දහස් ගණනින් ඇදී එන අතර එය සංචාරයකන් අතරද ජනප්‍රිය ස්ථානයක් බව කියැවෙයි.
තායිලන්ත බලධාරීන් පවසන්නේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කළ හැකි සියලු පාර්ශ්ව පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව, එරට හමුදා පාලනයට විරුද්ධ කණ්ඩායම් මෙන්ම, තායි රජය විසින් සිදුකළ චීනයට පිහිටුවහල් කිරීම් සම්බන්ධයෙන් කෝපයෙන් පසු වන උහිගුර් ජන කණ්ඩායම්ද පොලීසියේ සැකයට බඳුන් වී තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින්වත් භාරගෙන නොතිබිණි.