බැංකු සේවිකාවක ලෙස පෙනී සිටිමින් මහජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
සැකකාරිය පිළියන්දළ පදිංචි නිහාධි ධනුෂ්කා බවත් ඇයට එරෙහිව කොටුව, අලුත්කඩේ, මාළිගාකන්ද හා මොරටුව යන මහේස්ත්‍රාත් අධිකරණ වල නඩු පවතින බවත් පොලීසිය පවසයි.
සැකකාරිය පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට දුරකතන අංකද පොලීසීය විසින් ඉදිරිපත් කර ඇත.