සෞදි ආරාබියේ රැකියාවකට ගොස් ඉපයු මුදල් ශ්‍රී ලංකාවේ පිහිටි රාජ්‍ය බැංකුවක තැන්පත් කරනු ලැබුවත් , ලංකාවට පැමිණ ගිණුම පරික්ෂාකරද්දී මෙරටට එවු මුදලින් රුපියල් හතළිස් ලක්ෂයක් අතුරුදන්වී තිබෙන බව අනුරාධපුර කහහටගස්දිගිලිය ප්‍රදේශයේ තරුණයෙකු කියයි.මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන්විධිමත් පරීක්ෂණයක් සිදුකර සාධාරණයක් ඉටු කරදෙන ලෙස ඉල්ලමින් ඔහු පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
වසර හයහමාරක් තිස්සේ සෞදි අරාබි රාජ්‍යයේ ජිඩ්ඩා නගරයේ සේවය කරමින් රාජ්‍ය බැංකුව වෙත එවු රුපියල් හතළිස් පන්ලක්ෂ පනස්දහසක මුදලින් රුපියල් ලක්ෂ හතළිහක්ම අතුරුදන්වී ඇති බව කියමින් පැමිණිලි ඉදිරිපත් කර ඇත.
ඒ මහතා 2006 වර්ෂයේ ජුනි මස 01 වනදා සිට 2012 වර්ෂයේ දෙසැම්බර් 05 වන දින දක්වා සෞදි ආරාබි රාජ්‍යයේ ජිඩ්ඩා නගරයේ ගෑස් අලෙවි කිරීමේ ආයතනයක වසර හයහමාරක් ඔහු සේවය කර තිබේ.
අනුරාධපුර කහටගස්දිගිලිය නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක 2004 වර්ෂයේ විවෘත කළ ඉතිරි කිරීමේ ගිණුමට ඔහු විසින් ඉපයු සියලු මුදල් බැර කර තිබේ. එහෙත් 2012දෙසැම්බර් මස 10 වනදින අතර කාලයේදී ඔහු ශ්‍රී ලංකාවට නැවත පැමිණ බැංකු ගිණුම පරීක්ෂාවට ලක් කරද්දී එහි ඉතිරිව තිබී ඇත්තේ රුපියල් පන්ලක්ෂ පනස්දහසක මුදලක් පමණි.