ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, ප්රා‘දේශීය සංවර්ධන බැංකුව සහ ලංකා බැංකුව තුළ වසර 05 සිට වසර 20 ක් දක්වා කාල පරාසය තුළ සේවය කරන කොන්ත්රාත්කාර සමාගම යටතේ සේවයට යොදාගන්නා සේවකයන් 1600 දෙනෙකු ස්ථිර සේවයට මෙතෙක් ඇතුළත් කරගෙන නොමැති බව සමස්ත ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.
මේ ආකාරයට කොන්ත්රාත්කාර සමාගම හරහා සේවයේ යොදවන පිරිස් ස්ථිර සේවයට ඇතුළත් කරගන්නා ලෙසට අවස්ථා ගණනාවකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත්, ඒ සෑම අවස්ථාවකදීම සේවකයන් ස්ථිර සේවයට බඳවා ගන්නා බවට පොරොන්දු ලබාදී තිබෙන බවත් එම සංගමයේ ප්රධාන ලේකම් ගාමිණී රත්නසිරි මහතා සඳහන් කළේය.
එහෙත් එම පොරොන්දුව මෙතෙක් ඉෂ්ට කර නොමැති බවත්, මේ නිසා අධික ලෙස ලාබ ලබමින් තිබෙන බැංකු පාලන අධිකාරිය විසින් අනිසි ලෙස මෙම සේවකයන්ගේ ශ්රමය සූරාකමින් තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා එම සේවකයන්ගේ අයිතිවාසිකම් ලබාදීමට වහාම පාලන අධිකාරිය කටයුතු කළ යුතු බවත්, ඉදිරි දින කිහිපය තුළදී එම කටයුත්ත සිදුනොවුණොත් එයට එරෙහිව සේවකයන් සමග එක්ව ක්රියාමාර්ග ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.