මත්තල ගුවන් තොටුපළ හරහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර යොදාගෙන බාල වයස්කරුවන් විදේශ රැකියා සඳහා පිටත්කර යැවීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත් වී තිබේ.බාල වයස්කරුවන් විදේශගත කිරීමේ ජාවාරමේ නිරත වූ බව කියන පුද්ගලයන් තිදෙනෙකුද ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
වයස අවුරුදු 17,18,19 යන වයස්වල බාල වයස්කරුවන් ව්‍යාජ ගමන් බලපත්‍ර යොදාගෙන සංචාරක වීසා යටතේ විදේශගත කරන පුද්ගලයන් තිදෙනෙකු පිළිබඳ විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මියට ලද ඇමතුමකට අනුව එම කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කොළඹ, මරදාන ප්‍ර‘දේශයේ සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවස්ථාවේදී විදේශ රැකියා සඳහා පිටත්කර යැවීමට රඳවාගෙන සිටි බාලවයස්කාර තරුණියන් 7 දෙනෙකු හා බාලවයස්කාර පිරිමි ළමයින් තිදෙනෙකුද සොයාගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා විසින් අබුඩාබි, සෞදි ආදී රටවල්වලට මෙම බාල වයස්කරුවන් පිටත් කර යැවීමට සැලසුම් කර තිබූ බවත්, මේ සඳහා මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළේ අැතැමුන්ෙග් සහාය ලැබෙන බවට සැකකරුවන් විසින් ප්‍රකාශකර අැති බවත් වාර්තා වේ.