බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් විමසිය යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
බ්‍රෙක්සිට් සඳහා පාර්ලිමේන්තුවේ මතය විමසිය යුතු බව පවසමින් පසුගියදා එරට මහාධිකරණය ලබාදුන් තීන්දුවක් අභියෝගයට ලක්කරමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි සලකා බැලුණු අවස්ථාවේදී මෙම තීන්දුව ලැබුණි.
එහිදී, විනිසුරුවන් 08 දෙනෙකු එම අභියාචනය ප්‍රතික්ෂේප කරද්දී, එය අනුමත කර තිබුණේ විනිසුරුවන් තිදෙනෙකු පමණි.
එහිදී, ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා තිබුණේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය තුළින් බ්‍රිතාන්‍ය නීතියේ ඇතැම් මූලාශ්‍ර ඉවත් කෙරෙන අතරම එමගින් බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ඇතැම් අයිතිවාසිකම්ද කප්පාදු කෙරෙන බවය. මේ තත්ත්වය තුළ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මතය විමසිය යුතු බව අධිකරණයේ අවසන් නිගමනය විය.
තත්ත්වය එසේ වුවත්, මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ හෝ වේල්ස් සහ උතුරු අයර්ලන්ත මන්ත්‍රණ සභාවල මතය විමසීමේ අවශ්‍යතාවක් පැන නොනඟින බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීන්දුව වී තිබුණි.
යුරෝපා සංගමය තුළ තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්න තීරණය කෙරෙන බ්‍රෙක්සිට් ජනමතවිචාරණය වෙනුවෙන් පසුගිය වසරේ ජූනි මාසයේදී බ්‍රිතාන්‍ය ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කළ අතර, එහිදී, බහුතර මතය වූයේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන්නය. කෙසේ වෙතත්, මේ තීරණය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් විමසීමේදී එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එම තීරණය ප්‍රතික්ෂේප කරනු ඇති බව අපේක්ෂා නොකෙරෙයි.
මේ තත්ත්තවය තුළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සහ සාමි මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය බ්‍රෙක්සිට් සඳහා හිමිවන තුරු යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමට වත්මන් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ වෙත අවස්ථාව හිමි නොවන බවද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.