මහා බ්‍රිතාන්‍යයේ 56 වැනි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද විමසීම අද (07 දා) එරට වේලාවෙන් පෙරවරු 7.00 ට ආරම්භ වූ අතර, ඡන්ද මධ්‍යස්ථාන 50,000කදී රාත්‍රී 10.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන බව බී.බී.සී.ය පවසයි.
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී මන්ත්‍රීවරු 650ක් තෝරාපත් කරගැනීමට නියමිත අතර, මෙවර මැතිවරණය සඳහා සුදුසුකම් ලබාසිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 65කට ආසන්න වෙයි.
වත්මන් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ලේබර් පක්ෂ අපේක්ෂක එඩ් මිලිබෑන්ඩ් මෙවර මැතිවණයේ ප්රමුඛ අපෙක්ෂකයන් දෙදෙනා වෙයි.
මේ අතරම බ්‍රිතාන්‍ය මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාලය හරහාද සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ජනතාවට ලබාදීමද මෙහිදී කැපීපෙනෙන අවස්ථාවක් වී ඇත.
මැතිවරණ ප්‍රතිඵල ගණන් කිරීම අද රාත්‍රියේ ඇරඹෙන අතර අවසන් ප්‍රතිඵලය හෙට දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.