බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ බව බී.බී.සී.ය කියයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ නිව්යෝක්හි සංචාරය කළ අතරවාරයේ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පහරදීම හේතුවෙන් ඔහු ඉල්ලා අස් වී ඇති බව එහි වැඩිදුරටත් දැක්වෙයි.
නිව්යෝක් නුවරදී සිදුවීමක් පිළිබඳව දැනගන්නට ලැබුන නමුත් ඒ පිළිබඳව වැඩි විස්තර හෙළි කළ නොහැකි බව එම නිලධාරියා බී.බී.සී.යට පැවසූ බව කියයි.
එමෙන්ම, මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ගේ අස්වීමේ ලිපිය දින තුනකට පෙර අමාත්‍යංශයට ලැබුනත් එය පිළිගෙන තිබේද යන්න තවමත් පැහැදිලි නොමැති බවත් ඔහු පවසා ඇති බව කියයි.
මේ සම්බන්ධයෙන් බී.බී.සී.ය මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ගෙන් විමසූ අවස්ථාවේ සිය ධුරයෙන් ඉවත් වුයේද යන්න හෝ ප්‍රහාරයට ලක් වුයේද යන්න කිසිවක් සඳහන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් දොස්තර ක්‍රිස් නෝනිස්ට පහර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම සහභාගි වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී බවද බී.බී.සී.ය කියයි.
කෙසේ නමුත් ක්‍රිස් නෝනිස් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයෙන් ඉවත් නොවන බව ඉහළ මට්ටමේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයක් පැවසූ බවද බී.බී.සී.ය පවසයි.