එළැඹෙන ජුනි 8 දා මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළ බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ නිවේදනය කළාය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණයත් සමගින් නිශ්චිත, ස්ථායි හා ශක්තිමත් නායකත්වයක් බ්‍රිතාන්‍යයට අවශ්‍ය හෙයින් ජුනි 8 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ඇය අද (18දා) නිවේදනය කළාය.
“රට එකතුවෙමින් පවතිනවා නමුත් වෙස්ට්මිනිස්ටර් (බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව) තුළ එය නෑ” යැයි ඇය සිය කතාවෙන් ප්‍රකාශ කළාය. බ්‍රිතාන්‍ය මහ මැතිවරණය නැවත වරක් පැවැත්වීමට නියමිතව තිබුණේ 2020 වසරේදීය.
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයක් වසර 5න් පහට පැවැත්වෙයි. 2015 වසරේදී අවසන්වරට මහ මැතිවරණයක් පැවැතියේය. ඒ අනුව ඊළඟ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2020 වසරේදීය.