කොකේන් උවදුරෙන් රට මුදවා ගැනීම සඳහා බ්‍රසීලයෙන් සීනි ගෙන්වීම අතහැර දැමීම හේතුවෙන් ආනයනකරුවන්ට වසරකට ඩොලර් මිලියන 03ක පාඩුවක් සිදුවන බව සීනි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
සීනි ගෙන්වීම නවතා දමන තෙක් බ්‍රසීලයෙන් රටට අවශ්‍ය සීනි ප්‍රමාණයෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් ගෙන්වූ බවද එම සංගමයේ මාධ්‍ය ලේකම් හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
එහෙත් බ්‍රසීලයෙන් ගෙන්වූ සීනි කන්ටේනර් කිහිපයක් තවමත් රට තුළ තිබෙන බවත්, පසුගියදා සතොස ගබඩාවක් තුළදී කොකේන් හමුවූයේ එවැනි කන්ටේනරයකින් බවද හෙතෙම පවසා සිටියේය.
ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව බ්‍රසීලයේ සීනි මිල අඩුවීම හේතුවෙන් වෙනත් රටවලින් සීනි ගෙන්වීමේදී මෙම මුදල දැරීමට සිදුව තිබෙන බවද ඔහු කියා සිටියේය.