ජර්මනිය 7-1 බ්‍රසීලය
ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ දෑසට කඳුලක් පමණක් ඉතිරිකරමින් අද (09දා) අලුයම බ්‍රසීලියාහි නායිඕනාල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් සත්කාරක බ්‍රසීල කණ්ඩායම පරාජය කර ගෝල 7-1 දැවැන්ත ජයක් ලැබීමට ජර්මනි කණ්ඩායම සමත්විය. මෙම අඳහාගත නොහැකි ජයග්‍රහණය බ්‍රසීල පාපන්දු ඉතිහාසයේ වාර්තා වූ දරුණුම පරාජය බවද කියැවෙයි.
ජර්මනිය වෙනුවෙන් තෝමස් මුලර් (11), මිරෝස්ලේ ක්ලෝස් (23), ටෝනි කෘස් (24,26), සාමි කෙඩිරා (29), අන්ඩ්‍රි ස්චූරල් (69,79) එකපිට එක ගෝල වාර්තා කරමින් මෙම ඓතිහාසික ජයග්‍රහණයට උරදුන්නහ. බ්‍රසීලය වෙනුවෙන් ඔස්කාර් තරගයේ අවසන් මිනිත්තුවේදී (90) ගෝලයක් වාර්තා කළත්, එය කිසිසේත්ම ඔවුන් ලැබූ අවමානය සංසිඳුවාගැනීමට නොහැකි විය.