බෙල්ජියමේ බ්‍රසල්ස් ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී ගුවන් තොටුපොළ වෙත බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පැමිණි IS ත්රස්තයන්ගේ යැයි සැක කෙරෙන සී.සී.ටී.වී. ඡායාරූපයක් නිකුත් කර තිබේ.
මෙම ප්‍රහාරකයන් තිදෙනොගෙන් දෙදෙනෙකු මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කර ඇති බවත්, අයෙක් ප්‍රහාරයෙන් පසුව පැනගොස් ඇති බවත් කියයි.
ගුවන් තොටුපොළ තුළ ජීවිත 14ක් විනශ කළ බෝම්බ ප්‍රහාරවලට විනාඩි කිහිපයකට පෙර මෙම සී.සී.ටී.වී. දසුන හසුකර ගෙන තිබුණු අතර, ගුවන් තොටුපොළ පිටවුම් පර්යන්තය අසල සිදුවූ එම ප්‍රහාරවලින් තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.
ඡායාරූපයේ වම්පස සිටින පුද්ගලයන් දෙදෙනා මරාගෙන මැරෙන ප්‍රහාරකයන් දෙදෙනා බවත්, තොප්පියක් පැළඳ සිටින තැනැත්තා බෝම්බය තබා පළා ගොස් ඇති තැනැත්තා යැයි සැකකෙරෙන බවත් කියයි.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාම තම වම් අතට පමණක් අත් පළඳනාවක් දමාගෙන සිටින්නේ, ඒ තුළ මරාගෙන මැරෙන බෝම්බය ක්‍රියාත්මක කරන ස්විචය සඟවා ගැනීමට විය හැකි බවද විශ්වාස කෙරෙයි.
සුදු ඇඳුමින් සැරසී තොප්පියක් පැළඳ සිටින තැනැත්තා පසුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ බෝම්බය තැබීමට ගිය තැනැත්තාද යන්න තහවුරු වී නොමැති බවද පැවසෙයි.
කෙසේ වෙතත්, මෙම සංවේදී ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් නොකරන ලෙස එරට මාධ්‍යයට වාරණයක් පනවා තිබුණද, සමාජජාල හරහා මෙම ඡායාරූපය ප්‍රසිද්ධ වීම තුළ පසුව එය මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණි.
මෙට්‍රෝ දුම්රිය ස්ථාන ප්‍රහාරයේදී පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එය ගුවන් තොටුපොළ ප්‍රහාරයෙන් මිනිත්තු 79කට පමණ පසුව සිදුවිය.
මෙම ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරවල වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් බාරගෙන තිබුණු අතර, ප්‍රහාර මාලාවෙන් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 200කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබුණි.