ජීවිත 34ක් බිලි ගනිමින්, තවත් 170කට ආසන්න පිරිසකට තුවාල සිදුකරමින් බෙල්ජියමේ, බ්රසල්ස් නගරයට එල්ල කෙරුණු ත්රස්ත ප්රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් බාරගෙන තිබේ.
ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් හා සම්බන්ධ පුවත් ඒජන්සියක් වන අමාක් පුවත් ඒජන්සිය විසින් මෙය තහවුරු කර ඇති අතර, ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් බෙල්ජියමේ බ්රසල්ස් නගරයේ දුම්රිය ස්ථානයක් හා ගුවන් තොටුපොළක් ඉලක්ක කරමින් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හා බෝම්බ යොදා ගනිමින් ප්රහාර මාලාවක් අඟහරුවාදා දිනයේදී දියත් කළ බව එහි සඳහන්ව ඇත.
මෙම ප්රහාර සිදුවීමට පෙර අරාබි භාෂායෙන් කෑ මොර දෙන හඬක් මෙන්ම, වෙඩි හඬ කිහිපයක්ද නිකුත් වූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් පවසා තිබුණි.
පසුගිය නොවැම්බර් මාසයේදී ප්රංශයේ පැරිස් නුවර වෙත ප්රහාරයක් එල්ල කරමින් ජීවිත 130ක් බිලිගනු ලැබුවේද ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් වන අතර, එම ප්රහාරයට සම්බන්ධ මහ මොළකරුවෙකු බ්රසල්ස් නගරයේදී අත්අඩංගුවට පත්ව දින හතරක් ගෙවෙන තැන මෙම ප්රහාරය සිදුවෙයි.