රජය විසින් ජනතාවට සහන ලබා දුන්නේ සුළුතර ආණ්ඩුවකින් බවත්, කෙටිකාලීන සහන වෙනුවට දිගු කාලින සහන ලබාදිමට එක්සත් ජාතික පක්ෂ බහුතර ආණ්ඩුවක් පිහිටවන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැයි දිනයේදි එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින් අමතමින් පැවැසිය.
එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය කැම්බල් පිටියේදි පැවැත්විණ. මෙහිදී පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම, මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම,රාජ්‍ය සේවකයන්ගේ වැඩිවූ වැටුපෙන් කොටසක් මූලික වැටුපට එකතු කිරිම ඇතුළු යෝජනා හයක් ස්ථීර කළේය.
1977 වසරේ පැවැත්වූ මැයි රැළීයට වඩා විශාල මැයි රැළියක් මෙවර පැවැත්වූ බවත්, මෙවර එක්සත් ජාතික පක්ෂයේ බලය පෙන්වූ බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
ලංගම බස්රථ ගැනීමට මෙන්ම රාජ්‍ය මාධ්‍ය තුළ කාලය ලබා ගැනීමට අනෙකුත් පක්ෂ සඳහා අවස්ථාව දුන් බවත් ඔහු කිවේය.