වසර පහක කාලයක් බිරියන් තිදෙනෙකු සමග විවාහ වූපුද්ගලයෙකු (33) මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් තුන් මසක රහසිගත මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට විරුද්ධව නඩු 14ක් ඇති අතර, අධිකරණයේ විභාග වන නඩු දෙකකට වසර හයක සිර දඩුවම් නියම වී තිබේ.
මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඬුවම් නියමවී වරෙන්තු 14ක් ඇති සැකකරුවෙකු සොයා මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායම සැලසුම් එක්රැස්කර තිබිණි. මෙම පුද්ගලයා ගෙවල් බිඳ භාණ්ඩ කොල්ලකෑම් සිද්ධීන් 14කට චෝදනා ලැබූ අයෙකු බවද සඳහන් වේ.
බිරිඳට පහරදී බරපතළ තුවාල සිදුකිරීම, බිරිඳට හා දරුවන්ට අධිකරණය මගින් තීන්දු කර ඇති වන්දි මුදල් ගෙවීම් පැහැර හැරීම ආදී නඩු මොහුට විරුද්ධව තිබී ඇති බවත්, ඊට අමතරව වරද පිළිගත් එවැනි නඩු දෙකකට වසර හයක සිර දඬුවම් නියම වී සිටි බවත් පොලීසිය කියයි.
සැකකරු මැල්සිරිපුර ප්‍ර‘දේශයේ සැඟවී සිටින බවට ලද තොරතුරක් මත සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මොහු කාන්තාවන් තිදෙනෙකු සමග නීත්‍යනුකූලව විවාහවී සිටින බවත්, ඔවුන්ට දරුවන් හයදෙනෙකු සිටින බවත් හෙළිවී ඇත. ඒ නිසා බහු විවාහයන් සිදුකිරීමට එරෙහිව ඔහුට එරෙහිව නඩු පවරන බවද පොලීසිය කියයි.