ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම බස්රථවල හා සියලුම පෞද්ගලික බස් රථවල සී.සී.ටී.වී. කැමරා පද්ධති සවි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් හමුවේ පවසා සිටියේය.
ඒ මහතා එසේ පවසා සිටියේ අද (26දා) පෙරවරුවේ මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගැනීමෙන් අනතුරුව මහනායක හිමිවරුන් බැහැදුටු අවස්ථාවේදීය.