දිවයින පුරා පෞද්ගලික බස්රථ වර්ජනයක් පැවැති දෙසැම්බර් පළමු වැනිදාපහරකෑමකට ලක්වූ බස් මගීන් සහ බස්රථ ධාවනය කළ රියදුරු කොන්දොස්තරවරුන් ඇතුළු 23 දෙනෙකුට වන්දි ගෙවූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.
රජකාරි සඳහා යමින් සිටි යුද හමුදා නිලධාරියෙකු ඇතුළු මගීන් 04 දෙනෙකු සහ සේවයේ යෙදී සිටි බස්රථ රියදුරන් 18 දෙනෙකු හා කොන්දොස්තරවරයෙකු මෙම පිරිස අතර සිටින බවද එම අමාත්‍යාංශය කියයි.
පහරකෑමට ලක් වූ හමුදා නිලධාරියාට රුපියල් 50,000ක්ද, සෙසු අයට රුපියල් 25,000 හා 20,000 බැගින්ද වශයෙන් නාරාහේන්පිට පිහිටි ලංගම ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (20දා) පස්වරුවේ වන්දි මුදල් පිරිනැමූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.