විවේචනවලට, දුෂ්ඨ පලිගැනීම්වලට, චරිත ඝාතනවලට තමන් පිළිතුරු දෙන්නේ වැඩකිරීමෙන් බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මෙම මාසයේදී බස්නාහිර පළාතේ නගර 23ක සුඛිත පුරවර නමින් වැඩපිළිවෙළක් දියත් කරන බවත් අනාගතයේ ඇතිවෙන බස්නාහිර මහානගර සැලසුමේ කොටසක් හැටියට එය දියත්වන බවත් අමාත්‍යවරයා කීය.
මේ ආණ්ඩුවට සමහරු කිව්වා කතා කරනවා මිසක් වැඩ නැහැයි කියලා. දැන් අපි ඒ වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. එක දිගට ඒ කටයුතු මේ මාසේ අපි ආරම්භ කරලා මේ වසරේ අවසන් කරන්න පුළුවන් සෑම ව්‍යාපෘතියක්ම අවසන් කරනවා. යනුවෙන්ද අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ අද (11) දින බොරැල්ල එලියට් පෙදෙස මාර්ගය මංතීරු 03ක් ලෙස පුළුල් කර මැගසින් පාරට සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.