බස්නාහිර සංවර්ධනයට අදාළව පෙබරවාරි මාසය දක්වා සැලසුම් සකස් කිරීමට අද (28දා) දින කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලැබුණු බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
නාගරික සංවර්ධන අධිකාරිය, පහත් බිම් ගොඩකිරීමේ අධිකාරිය සමග එක්ව මෙම කටයුතු සිදුකරගෙන යන බවත්, වෘත්තියවේදීන්ගේ අදහස් මේ දිනවල ලබාගනිමින් සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල සුහුරුපායේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව පැවසීය.