බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විදේශ සංචාරයකනිරත වීම හේතුවෙන් පුරප්පාඩු වූ එම තනතුරේ වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා අද (01දා) දිවුරුම් දුන්නේය. බස්නාහිර පළාත් ප්‍රධාන කාර්යාලයේදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් මහතා ඉදිරියේදී දිවුරුම් දුන් ඔහුඑම තනතුරේ වැඩබාරගත්තේය.
ඒ මහතා බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය හා ගොවිජන සංවර්ධන අමාත්‍යවරයාද වේ. මේ අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් පී.සෝමසිරි මහතා සහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් චිත්‍රා ජයන්ති විජේතුංග මහත්මියද සහභාගි වූහ.