බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා තමන් දරණ අමාත්‍යංශ වලට අමතරව පසුගිය දා සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබඳ අමාත්‍යංශ පවරාගනුනු ලැබීය.
නුගේගොඩ පිහිටි එම අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා අද (01 දා) වැඩ භාරගන්නා ලදී. එම අවස්ථාවට බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල, නියෝජ්‍ය සභාපති යසපාල කෝරලගේ, ඇතුළු පළාත් සභා මන්ත්‍රීන්, අමාත්‍යංශ ලේකම් දයා සෙනරත් යන මහත්වරු ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.