බස්නාහිර පළාත් සභාවේ නව සභානායකවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්රී සුනිල් ජයමිණි මහතා අද (15දා) සවස පත්කරගෙන තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ඡන්ද විමසුමකදී සුනිල් ජයමිණි මහතාට ඡන්ද 34ක් සහ මහේෂ් අල්මේදා මහතාට ඡන්ද 03 ක් ලැබී තිබිණි.
සුනිල් ජයමිණි මහතා මීට පෙරද සභානායකවරයා ලෙස කටයුතු කළේය.