බස්නාහිර පළාත තුළ තිබෙන සියලුම ආහාර අලෙවි සැල් මාස 06 ක් තුළ නවීකරණය කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් සියලු දෙනාට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා නීතිය ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා සඳහන් කළේය.
බොහෝ ආහාර සපයන ආයතනවල කඩහිමියන් මනා ලෙස ඇඳපැලඳ සිටින බවත්, එහෙත් ආහාර සකස් කරන ස්ථානයට ගිය විට එම ස්ථානවලින් කිසිදා ආහාර ගැනීමට නොසිතෙන බවද ඒ මහතා පවසා සිටියේය.
මේ අනුව අදාළ නවීකරණය සිදුකළ යුතු ආකාරය පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා දැනුවත් කර සියලුම දෙනාට මාස 06 ක සහන කාලයක් ලබාදෙන බව හෙතෙම අවධාරණය කළේය.