20%ක බස් ගාස්තුවක් ඉල්ලා අද (16දා) මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ වැඩ වර්ජනයක් ප්‍රකාශ කර තිබෙන බස් සංගම් හා රජයේ පාර්ශ්වකරුවන් මේ වනවිට විශේෂ සාකච්ඡාවක් අරම්භ කර තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශොක් අබේසිංහ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්න අලගියවන්න හා ජනාධිපති නියෝජනය කරමින් නියෝජිතයෙක් සහභාගි වී සිටිති.
බස් සංගම් ලෙස අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ හා සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ නියෝජිතයෝ සහභාගි වී සිටිති.
මෙම සාකච්ඡාවට අනුව කැබිනට් මණ්ඩලය අනුමත කළ බස් ගාස්තුව වෙනස් කිරීමට යම් තීරණයක් ගෙන තිබෙන බවට වාර්තා වන අතර, නව ගාස්තුවක් අඟහරුවාදා ප්‍රකාශ කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් තිබේ.