අද (01දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන බස් රථ වර්ජනයට තම සංගමය කිසිදු සහයෝගයක් නොදක්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (01දා) සවස පැවැති සාකච්ඡාවේදී වමෙන් ඉස්සර කිරීමේ වරද වෙනුවෙන් හා අධික වේගය සම්බන්ධ වරද වෙනුවෙන් ඉහළ දැමීමට යෝජනාවූ දඩ මුදල් ඉවත් කිරීමට පොරොන්දුවූ බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව ඉහළ දැමූ දඩ මුදල් ක්‍රියාත්මක කිරීම, මෝටර් රථ ආඥා පනත සංශෝධනය කිරීමෙන් පසු සිදුකරන බවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බවද විජේරත්න මහතා පවසා සිටියේය.