බස්වර්ජනය පැවැති සිකුරාදා දිනයේදී සිදුවූ රාජ්ය දේපළ හානි කිරීම්, මහජනතාවට සිදුකළ පීඩා හා සාමය කඩාකප්පල්කාරී වූ සිදුවීම් පසුපස ආණ්ඩු විරෝධී බලවේගයක් ක්රියාත්මක වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය ප්රකාශ කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සිදුවීම් සම්බන්ධයෙන් ප්රදේශ 11ක පුද්ගලයින් 31ක් අත්අඩංගුවට ගත් බවත් ලංගම බස් රථ 128ට හානි සිදුකර ඇති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.