බස්රථ තුළ සිඟමන් යැදීම, වෙළෙඳාම් කිරීම සහ විවිධ කටයුතුවලට මුදල් එකතුකිරීම නීතිවිරෝධී කටයුත්තක් නිසා ඒ පිළිබඳව බස් රථයේ අංකය සමග 119 හරහා හෝ පොලිස් දුරකථන අංක භාවිත කර පොලීසියට පැමිණිලි කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.
බස්රථ තුළ සිඟමන් යැදීම ඇතුළු විවිධ කටයුතු නවතා දමන ලෙසට අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියත්, එම කටයුත්ත සිදුනොවීම නිසා මෙය නවතා දමන ලෙසට රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතාගෙන් ඉල්ලීමක් කළ බවත්, එහිදී බස් රථයේ අංකය සමග පැමිණිලි ලැබෙනවානම් එයට එරෙහිව නීතිමය කටයුතු කළ හැකි බවනියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළ බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.