කිසිදු පාලනයක් නොමැතිව මෙරටට වාහන ගෙන්වීමට අවස්ථාව ලබාදීම නිසා පසුගිය වසරේදී බස් මගීන් ලක්ෂ 06කට ආසන්න ප්‍රමාණයක් බස් රථවලට අහිමි වී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඉන්ධන මිල පහළ දැමීම හා ආණ්ඩුවේ වෙනත් ලිහිල් ප්‍රතිපත්ති නිමා පසුගිය වසරේදී මෝටර් රථ 105,628ක්, ත්‍රිරෝද රථ 129,547ක් හා යතුරු පැදි 372,889ක් මෙරටට ගෙන්වා තිබෙන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජෙරත්න මහතා සඳහන් කළේය.
වැට් බදු සංශෝධනය,බස් රථවලින් මගීන් ඉවත් වීම හා ඩොලරයේ මිල ඉහළයාම නිසා මේ වනවිට බස්හිමියන් දැඩි පීඩාවට පත්ව ඇතැයිද ඔහු පවසා සිටියේය.
අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.