බස් ගාස්තු සංශෝධනය යටතේ අද (01දා) සිට අවම බස් ගාස්තුව රුපියල් 09 ක් ලෙස සහ අනෙකුත් ගාස්තු 6% කින් වැඩිවීමට නියමිතය. මීට අමතරව ත්‍රි‘‘රෝද රථ ගාස්තුවත් අද සිට රුපියල් 05 කින් ඉහළ දමා තිබේ. සාමාන්‍ය මාර්ගවල ගමන් ගන්නා බස්රථවල ගාස්තුව ඉහළ දැමීමට සාපේක්ෂව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා බස් රථ ගාස්තුද අද සිට 6% කින් ඉහළ දමා තිබේ.
මේ අනුව රුපියල් 375 ක්ව පැවති මහරගම-ගාල්ල අතර මගී ගාස්තුව රුපියල් 390 දක්වාත්, රුපියල් 445 ක්ව පැවති මහරගම-මාතර අතර මගී ගාස්තුව රුපියල් 470 දක්වාත් ඉහළ යයි. රුපියල් 390 ක්ව පැවති කඩුවෙල-ගාල්ල අතර මගී ගාස්තුව රුපියල් 400 දක්වාත්, රුපියල් 460 ක්ව පැවති කඩුවෙල-මාතර අතර ගාස්තුව රුපියල් 490 දක්වාත් ඉහළ දමා තිබේ.
මේ අතර මෙම ගාස්තු සංශෝධන යටතේ සාමාන්‍ය සේවා ගාස්තු 305 න් 304ක්ම සංශෝධනය වී තිබෙන අතර, රුපියල් 12 ක් ලෙස අය කළ දෙවැනි අවම ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුවී නොමැත. සාමාන්‍ය ගාස්තු ඉහළ යාම යටතේ රුපියල් 08 ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 09 දක්වාත්, 305 වන ගාස්තුව ලෙස පැවති රුපියල් 651 ගාස්තුව රුපියල් 690 දක්වාත් ඉහළ යනු ඇත.
සියවන ගාස්තුව ලෙස පැවති රුපියල් 224 ක මුදල රුපියල් 237 දක්වාත්, 200 වැනි ගාස්තුව ලෙස පැවති රුපියල් 432 ක මුදල රුපියල් 458 දක්වාත්, 300 වැනි ගාස්තුව ලෙස පැවති රුපියල් 640 ක මුදල රුපියල් 679 දක්වා ඉහළ දමා තිබේ. බස් ගාස්තු ඉහළ යාමට සාපේක්ෂව හා ත්‍රිරෝද රථ මිල, අමතර කොටස් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන අද (01දා) සිට ත්‍රි‘රෝද රථ ගාස්තු අය කිරීමේදී දෙවැනි කිලෝමීටරයේ සිට ගාස්තුව රුපියල් 05 කින් ඉහළ දැමීමට කටයුතු කරන බව ලංකා ස්වයං රැකියා ත්‍රි‘රෝද රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහෙත් පළමු කිලෝ මීටරයට අයකරන මුදලේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.