පේරාදෙණිය සිට මහනුවර දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථ දෙකක් තරඟයට ධාවනය කරන අතර තුළදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.
ඉදිරියෙන් ධාවනය කළ බස් රථය බස් නැවතුම්පොළක නතර කිරිමේදි පසුපසින් පැමිණි බස් රථය ඉදිරියේ තිබූ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අද (15දා) මෙම අනතුර සිදුව ඇති අතර බස් රථ දෙකේ රියදුරන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.