ත්‍රිරෝද රථ කර්මාන්තය රටට කරදරයක් බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු පිරිසක් සඳහන් කළත් ඔවුන් ඉටු නොකරන වගකීම් රාශියක් ත්‍රිරෝද රථ හිමියන් විසින් මගීන්ට ඉටුකරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය සඳහන් කරයි.
තමන්ට වාසි අවස්ථාවල බස් රථ ධාවනය කරමින් බස් රථ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට කටයුතු කළත් ත්‍රිරෝද රථ හිමියන් විසින් රැයක් දවාලක් නොමැතිව රටේ ජනතාවට සේවය සපයන බවත්, මේ නිසා අද වන විට ත්‍රිරෝද රථ කර්මාන්තය මෙරට දෙවන විශාලතම ප්‍රවාහන සේවාව බවට පත්වී තිබෙන බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.
එවන් තත්ත්වයක් තුළත්රිරෝද රථ කර්මාන්තය රටට කරදරයක් බව පවසා ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පෙට්රල්වලට ලබානොදෙන ලෙසටත් බස් ගැමුණුලා රජයට බලකරමින් සිටින බවද ඔහු පවසා සිටියේය.
අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී ත්‍රිරෝද රථ හිමියන්ගේ ශක්තිය බස් ගැමුණුලාට සහ රජයට පෙන්වීමට කටයුතු කරන බවත්ය.