ජූලි මස පළමු වැනිදා සිට අවම බස් ගාස්තුව රුපියල් 10 ක් වන පරිදි බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20දා) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව අවම බස්ගාස්තුව රුපියල් 10 ක් වනවිට අනිකුත් ගාස්තු 06%කින් ඉහළ යනු ඇත.
බස් ගාස්තු සංශෝධන ජාතික ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස පළමු වැනිදා සිට ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු අතර,මෙවර එය 06% ක උපරිමයකට යටත්ව සංශෝධනය සිදුකරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය.