ජූලි පළමුවන දිනට සිදුවන බස් ගාස්තු සංශෝධනයේදී ගාස්තු ඉහළ යාමක් සිදුවුවහොත් ඒ හරහා සමස් බස් කර්මාන්තයම කඩා වැටෙන බව දකුණු පළාතේ බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
බස් ගාස්තුව ඉහළ දැමුවහොත් එහි වාසිය රජයට අත්වන බවත්, එහෙත් මගීන්ට හා බස් රථ හිමියන්ට විශාල පාඩුවක් සිදුවන බවද එම සංගමයේ සභාපති චන්දන සොයිසා මහතා සඳහන් කළේය.
මේ නිසා සිදුවිය යුත්තේ බස් ගාස්තු ඉහළ දැමීම නොව, බස් රථ කර්මාන්තයට සහන ලබාදී ජනතාවට සාමාන්‍ය මිලකට මගී පහසුකම සැලසීම බවද පවසා සිටියේය.