ජූලි පළමුවන දින සිදුවන බස්ගාස්තු සංශෝධනයේදී අවම ගාස්තුව 6%ත් 7% අතර ප්‍රමාණයකින් ඉහළ යායුතු බවට රජයට යෝජනා කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
උද්ධමනය ඉහළ යාම සැලකිල්ලට ගෙන මෙම යෝජනාව ඉදිරිපත් කළ බවත් එම යෝජනාව රජය පිළිගෙන තිබෙන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.