බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා දැනට සලකා බලන නිර්ණායක වර්තමානයට ගැළපෙන ලෙස සකස් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මේ අනුව වර්තමානයට ගැළපෙන ලෙස නිර්ණායක සකස් කර ලබන වසරේ සිට එම නිර්ණායකවලට අනුව බස් ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු කරන බව එම කොමිසමේ සභාපති කේ.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේය.
එහෙත් මේ වසරේ බස් ගාස්තු සංශෝධනය සිදුවන්නේ 2002 වසරේ සකස් කළ නිර්ණායකවලට අනුව බවත්, අදාළ සකස් කිරීම අවසන් කර කැබිනට් අනුමැතිය ලබාගැනීමට ප්‍රවාහන අමාත්‍යවරයාට බාරදී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.