ප්‍රවාහන ක්ෂේත්රයේ වංචා, දූෂණ වැළැක්වීමට නව ආණ්ඩුවනොබියව ඉදිරිපත්වන බවත්, බස්රථ හිමිකරුවන්ගෙන් සහ රියදුරන්ගෙන් කප්පම් ගැනීම වැළැක්වීම සඳහා දැඩි තීන්දු තීරණ ගන්නාබවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකළේය.
ප්‍රවාහන ක්ෂේත්රයේ පවත්නා ගැටලු සාකච්ඡාකිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේබව අනාවරණය විය.
එමෙන්ම බස්රථ හිමිකරුවන්ගෙන් සහ රියදුරන්ගෙන් කප්පම් ගැනීම වැළැක්වීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් වහාම සකස්කරන ලෙස පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීවල සභාපතිවරුන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේය.
ප්‍රවාහන ක්ෂේත්රයේ පවත්නා ගැටලු නිරාකරණය කිරීම වෙනුවෙන් එකම ප්‍රතිපත්තියක් යටතේ කටයුතු කළයුතු බවට අදහස් ඉදිරිපත් වූ අතර, ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවිය.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සහ දිවයිනේ පළාත් නවයම නියෝජනය කරමින් ප්‍රවාහන අමාත්‍යවරුන් ඇතුළු නිලධාරීහු මේසඳහා සහභාගි වූහ.