ඩීසල් මිල වැඩි කිරීමට සාපෙක්ෂව බස් ගාස්තු 15%කින් වැඩි විය යුතු බවත් අවම ගාස්තුව රුපියල් 15ක් විය යුතු බවත් බස් සංගම් තීරණය කර තිබේ,
ඔවුන් මුලින්ම බස් ගාස්තුව 20%කින් වැඩි කළ යුතු බවට දැනුම් දුන්නේය. නව තීරණයට ආණ්ඩුව එකඟ නොවන්නේ නම් දැනුම් දුන් පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනය ක්‍රියාත්මක කිරීමටත් ඔවුන් තීරණය කර ඇත.